29.4 C
Galle

ජනාධිපතිගේ නිවස අසළ විරෝධතාවක නිරත වූ අයෙක් මියයයි

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පදිංචි මිරිහානේ නිවස ආසන්න ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසි පාර පළමුවන පටුමග පදිංචිව සිටි නානායක්කාර බෝපෙ රුවන් වීරතුංග නමැති 53 හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙකි.

සමාජ මාධ්‍ය අවහිරකිරීමට එරෙහිව විදුලි කණුවකට නැග විරෝධතාවක නිරත වූ ඔහු එම කණුවෙන් වැටී ‍කළුබෝවිල රෝහලට රැගෙන යාමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ලයිට් කණුවට නැගුණු පසු විදුලිය විසන්ධි කළ ද ඔහු මියගොස් ඇත්තේ ඉන් ඇදවැටීමෙන් බව පොලිසිය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!