29.8 C
Galle

නව මුදල් ඇමති අලි සබ්‍රි, ඇමතිවරු 04ක් දිව්රුම් දෙති

Published:

කැබිනට් අමාත්‍යවරු 04 දෙනකු දිව්රුම් දීම අද (04) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ සිදුකෙරිණි.

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වනතුරු රටේ අත්‍යාවශ්‍ය කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්ව‍ාගෙන යාම සඳහා මෙම පත්වීම් සිදුකළ බව ජනාධිපත මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජී.එල්.පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!