රට පත්ව ඇති අර්බුදයට විරෝධය දක්වමින් ලබන සිකුරාදා (08) රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සියලුම ආයතන සහ සියලු සේවාවන්හි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.
එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, පරිපාලන ඇතුළු සියලුම සේවාවන්හි වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයට සහය දක්වන බවයි. එමෙන් ම ඒ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සියලු සේවාවන් එක්වන බව ද හෙතෙම කියා සිටියේය.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කර සිටියේ මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරයකු නොමැතිවීමෙන් අත්‍යාවශ්‍ය සේවාවක් වූ සෞඛ්‍ය සේවාව අර්බුදයකට මුහුණ පා ඇති බවයි.


