බෝම්බයක් පුපුරා ළමුන් දෙදෙනකුට තුවාල

0
84

මන්නාරම, ඉරනේරුප්පුකුලම්, මාන්කෙන්ඩි ප්‍රදේශයේ දී අද (25) බෝම්බයක් පුපුරායාමෙන් ළමුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි  මඩු පොලිසිය කියයි.

වයස අවුරුදු 12ක් වූ මේ ළමුන් දෙදෙනා කැලෑ බද ස්ථානයක දී පොළොවේ වළ දමා තිබූ බෝම්බය දැක එය ගැලවීමට උත්සා ගැනීමේදී පුපුරා ගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිවි ඇත.

ළමුන් දෙදෙනා වව්නියාව රෝහලට ඇතුළත් ඇත. රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ එක් ළමයකුගේ තත්ත්වය බරපතල බවයි. බෝම්බය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද්ධය පැවැති කාලයේ දී වළ දැමූවක් විය හැකියැයි පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here