26.8 C
Galle

තරුණියකගෙන් පොලිසියට රෝස මලක්. පොලිසියෙන් කඳුළු ගෑස්

Published:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුම අසළ සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර තම සඟයන්ගෙන් මිදුණු තරුණියක් රතු රෝසමලක් ගෙන ගොස් පොලිස් නිලධාරියකුට ලබා‍ දෙන දර්ශනය මාධ්‍යවල සටහන්ව තිබිණි.

ඇය එම රෝස මල දෙමින් කියා සිටියේ “ඔයාලගෙත් නංගිලා, මල්ලිලා, අක්කලා, අයියලා ඇතිනේ. ඒ අය වෙනුවෙන් මේ රෝස මල ගන්න” යනුවෙනි.

පොලිස් නිලධාරියකු ඒ රෝස මල ලබාගන්නා ආකාරය ද කැමරාවල සටහන්විය.

නමුත් ඉන් මද වේලාවකට පසු විරෝධතා කරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පියවරු ගනු ලැබීය.

Related articles

spot_img
error: Content is protected !!