28.9 C
Galle

නෙළුවේ දී කුඩා දරුවෙක්, දොළකට බිලිවෙයි

Published:

නෙළුව ඇඹලෙගෙදර මාර්ගය හරහා වැටී ඇති දොළ පාරකින් එගොාඩ වීමට ගිය 08 හැවිරිදි දරුවෙක් දියේ ගසාගෙන ගොස් මියගිය බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇඹලෙගෙදර පදිංචි දරුවෙකි.

මෙම මාර්ගය හරහා වැටී ඇති ඉග්ගල් දොළ හරහා මවක් සිය දරුවන් 04 දෙනා සමඟ එගොඩ වීමට උත්සාහ කිරීමේ දී එම දරුවා දියේ ගසාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුව පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව දරුවාගේ මෘත දේහය සොයාගෙන තිබිණි.

නෙළුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!