27.1 C
Galle

ඉන්ධන පෝළිමක තවත් මරණයක් සිදුවෙයි

Published:

වෙන්නප්පුව, තඹරවිල ඉන්ධන පිරවුම්හළට අද (10) අළුයම සිය මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයකු පෝළිමේ රැඳී සිට තෙල් ලබාගැනීමෙන් පසු රථය තුළ ම මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොච්චිකඩේ පෝරුතොට පදිංචි මොහොමඩ් ජෙස්මින් නමැති අයෙකි.

පෝළිමේ රැඳී සිට ඉන්ධන ලබාගත් ඔහු තම රථයට ඉන්ධන ලබා ගැනීමෙන් පසු අඩි කිහිපයක් ඉදිරියට ගිය බවත්, ඉන් පසු රථය නතර වූ බැවින් සොයා බැලීමේ දී පෙනී ගොස් ඇත්තේ ඔහු රථය තුළම මියගොස් ඇති බවයි.

වෙන්නප්පුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!