29.8 C
Galle

රේගුව දඩ ආදායම් අයකරගෙන නෑ. ලිපිගොණු අතුරුදන්

Published:

රේගුවට අයවිය යුතු ආදායම්වලින් 2020 වර්ෂයේ දී රුපියල් 38,441,954.00ක මුදලක් අවස්ථා 05 දී අහිමි වී ඇතැයි විගණන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

මෙම මුදල අයකරගැනීමට අදාල ලිපිගොනු 127ක් අතුරින් දැනටමත් එක් ලිපිගොනුවක් අස්ථානගත වී ඇතැයි ද විගණන වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබේ.

රේගු අඥා පනතේ 18(02) වගන්තිය අනුව රේගු දඩ මුදල් අයකරගැනීම වර්ෂ දෙකක් ඇතුළත කළ යුතුය.

නමුත්, විගණන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම දඩ මුදල අයකරගැනීම ප්‍රමාදවීම හේතුවෙන් රජයට ආදායම් අහිමි වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කළමනාකාරීත්වය විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බවත් රේගු දඩ ආදායම් රැස්කිරීමට නිලධාරීන් 07 දෙනකුගෙන් යුතු කමිටුවක් පත්කර ඇති බවත් රේගු දෙපාර්තමේන්තුව විගණන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!