26.9 C
Galle

තෙල් නැවකට ගෙවූ ප්‍රමාද ගාස්තුවෙන් තවත් තෙල් නැවක් මිල දී ගත හැකියි

Published:

නැවකින් ගෙන ආ තෙල් සඳහා ගෙවිය යුතු ගාස්තුව මෙන් දෙගුණයකටත් වැඩි මුදලක් ගෙවා තෙල් තොගයක් ලබාගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති සේවකයෝ කියති.

මෙම නැවෙන් තෙල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට ගෙනවිත් තිබිණි. නමුත් ඒ සඳහා නියමිත දිනයේ ගාස්තු ගෙවීම සඳහා ඩොලර් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නැව කොළඹ වරායේ නැංගුරම් ලා තිබී ඇති අතර ඒ සඳහා දින 13ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ද රජයට සිදුව තිබේ.

එලෙස ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවා ඇති මුදල පමණක් ඩොලර් මිලියන 92කි. ප්‍රමාද ගාස්තු මුදලින් එවැනිම තවත් තෙල් තොගයක් ලබාගත හැකියැයි ද  ඔවුහු පෙන්වා දෙති.

Related articles

spot_img
error: Content is protected !!