31.1 C
Galle

ලංකා කම්කරු කොංග්‍රසය විශ්වාසභංගයට සහය නොදීමේ තීරණයක් අරන්

Published:

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්දය විමසන අවස්ථාවේ දී තම පක්ෂයේ නියෝජිතයන් ඡන්දය දීමෙන් වැළකී සිටින බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.

එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රාමේෂ්වරන් මේම බව කීවේය. ඔහුට අමතරව ජීවන් තොණ්ඩමන් එම පක්ෂය නියෝජනය කරයි. ඔවුන් මෙතෙක් ආණ්ඩුවට සහය ලබාදුන් අතර පසුගිය දා ස්වාධීනව සිටින බව ප්‍රකාශ කර තිබිණි.

සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කිරීමට නියමි විශ්වාසභංගය සඳහා සහාය නොදෙන මන්ත්‍රීවරුන්ට විශේෂ වරදාන වරප්‍රසාද ලබාදීමට ආණ්ඩුවට හිතවත් පිරිසක් විසින් කටයුතු කරගෙන යන බවත් මන්ත්‍රීවරයකු සඳහා අවම වශයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ඉදිරිපත් වී ඇති බවත් පසුගිය දින කිහිපය මුළුල්ලේ ම ප්‍රචාරය විය ආණ්ඩුවේ පාර්ශ‍වයෙන් එයකිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කළේ ද නැත.  

Related articles

error: Content is protected !!