29.4 C
Galle

රජයට එරෙහිව දැවැන්ත හර්තාලයක් 20 වැනි දා සිට

Published:

රටපුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ලබන 20 වැනි දා සිට සතියක කාලයක් පවත්වන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි.

මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වී අර්බුදයට වහාම විසඳුම් සොයන ලෙස බලකරමින් මෙම හර්තාලය පැවැත්වීමට නියමිතය.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව වෙනුවේන රවී කුමුදේශ් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ විවිධ වෘත්තීන්ට අයත් වෘත්තීය සමිිත 300කට වැඩි සංඛ්‍යාවක් මෙම හර්තාලයට එක්වන බවයි. මෙම හර්තාල ව්‍යාපාරය දින 07 ක් පැවැත්විමට සැළසුම් කර ඇති බැවින් එය  ලබන 28 වැනි දා දක්වා පැවැත්වෙන බව ද ඔහු පවසයි.

Related articles

spot_img
error: Content is protected !!