29.4 C
Galle

පිල්ලෙයාන් ඇතුළු තවත් පිරිසකට, ඇමතිධූර දෙයි

Published:

රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස පසුගිය 18 වැනි දා දිවුරුම් දුන් සුරේන් රාඝවන්ගේ අමාත්‍යධූරය නැවත සංශෝධනය කර ඇති අතර තවත් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනකු දිවුරුම් දී ඇත.

මෙම දිවුරුම් දීම් සිදුකර ඇත්තේ ඊයේ (19) වැනි දා කොළඹ ජනාධිපති මන්දිරයේ දී ය.

පසුගිය 18 වැනි දා අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් සුරේන් රාඝවන් පැය 24ක් යාමට මත්තෙන් ඊයේ, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස අමාත්‍යාංශය වෙනස් කරමින් දිවුරුම් දී ඇත.

මීට අමතරව සතාසිවම් වියාලේන්ද්‍රන් තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සි‍වනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ග්‍රාමීය මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, මොහොමඩ් මුෂාරෆ් පේෂ කර්මානත් හා දේශීය ඇඟළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!