28.3 C
Galle

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 13ක් අන්තර්වාර පාලනයක් ඉල්ලා ජනපතිට ලිපියක් යවලා

Published:

ශ්‍රී ලංකා ‍‍පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වෙනත් අගමැතිවරයකු පත්කර ඔහු යටතේ සර්ව පාක්ෂිික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනකු ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ඔවුන් මෙම ලිපිය භාර දී ඇත්තේ පසුගිය 19 වැනි දා ය. එම මන්ත්‍රීවරු 13 දෙනා වත්මන් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු බව ද දැනගන්නට ඇත.

සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමට කටයුතු නොකරන්නේ නම් හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගැනීමට සිදුවන බව ද මෙම මන්ත්‍රීවරු සිය ලිපියෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!