29.8 C
Galle

රඹුක්කන ලේ වැගිරීමට එරෙහිව, බකමූණේ පන්දම් විරෝධයක්

Published:

රඹුක්කන දී පොලිසිය අමානුෂික ලෙස පහර දී මනුෂ්‍ය ඝාතන සිදුකිරිම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ඊයේ (20) රාත්‍රියේ බකමූණ ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණයක් පැවැත්වූහ.

රජයට වහාම ඉල්ලා අස්වන ලෙසත්, රටේ ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

පන්දම් පත්තුකරගෙන දඹුල්ල බකමූණ මං සන්ධියට පැමිණි ඔවුහු මෙල උද්ඝෝෂණයේ නිරත වූහ.

එම උද්ඝෝෂණයට එක්ව සිටි දමනයාය ආනන්දාරාම‍යේ කවටයාමුණේ සද්ධානන්ද හිමියෝ මෙසේ කීහ.

“පොලිසිය මේ වෙඩි තිබ්බේ මුළු මහත් රටේ ම ජනතාවට. පොලිසිය කියනවා අවම බලය යෙදුවා කියලා. අවම බලය කියන්නේ බඩවැල් එළියට එන්න වෙඩි තැබීම ද ? පෝළිම්වල ඉන්න, කන්න ඉල්ලපු, තෙල් ටික ඉල්ලපු ජනතාවවට උණ්ඩයෙන් උත්තර දෙන ආණ්ඩුවට අපි රටක් හැටියට ජාතියක් හැටියට විරුද්ධ වෙනවා. ආණ්ඩුව ‍ඉල්ලා අස්විය යුතුයි.”

(රුමේෂ් මධුශංක)

Related articles

spot_img
error: Content is protected !!