29.9 C
Galle

කුරුසය කර තබාගෙන ජෙහාන් ‍ගාලු මුවදොරට පැමිණෙයි

Published:

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේ සිට ගාලු මුවදොර අරගල බිම දක්වා කුරුසයක් කර තබාගෙන පා ගමනින් පැමිණි රංගන ශිල්පී ජෙහාන් අප්පුහාම අද (22) එහි ළඟා වූයේය.

විශාල ප්‍රමාණයේ කුරුසයක් කර තබාගෙන කිලෝ මීටර 40ක් පමණ දුරක් පැමිණෙමින් සිටි ජෙහාන්ට සහාය දක්වමින් රංගන ශිල්පී කළණ ගුණසේකර ද ඊයේ (21) ගාලු මුවදොර පිටියේ උපවාසයක් ආරම්භ කළේය.

ජෙහාන් ගාලු මුවදොරට පැමිණි පසු ඔහු උපවාසය අවසන් කළේය. කුරුසය ඔසවාගෙන පැමිණීමෙන් ජෙහාන් අධික ලෙස වෙහෙසට පත්ව තිබූ අතර ඔහුගේ පිටෙහි තුවාල සහ තැලුම් සළකුණු ද දක්නට ලැබිණි. වෛද්‍යවරු වහාම ඔහු පරීක්ෂාකර රෝහල්ගත කිරීමට කටයුතු කළහ.

Related articles

spot_img
error: Content is protected !!