27.7 C
Galle

“කෛරාටික දේශපාලනය එපා. ජනතාවට සවන්දෙන්න” – ඩලස්, ජනපතිට කියයි

Published:

අර්බුදය විසඳීම සඳහා නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න යැයි පවසමින් හිටපු ජනමාධ්‍ය ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය ඔහු විසින් 21 වැනි දා ජනාධිපතිවරයා හමුවී භාරදුන් බව ද වාර්තා වෙයි.

අඛණ්ඩ අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ ඉල්ලීමට සංවේදී වී අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීම අවස්ථාව දෙන ලෙස ඔහු එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එවැනි විසඳීමට නොගොස් බලයේ රැඳී සිටීම සඳහා මන්ත්‍රීන් වෙන්දේසි වැනි කෛරාටික දේශපාලන උපක්‍රම යොදා ගැනීමෙන් අර්බුදයේ ගැඹුර සහ පරිමාව තවදුරටත් පුළුල්වන බව ද ඔහු සඳහන් කර තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් ම පහතින් දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!