26.8 C
Galle

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිට කොන්දෙසි දමයි

Published:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට තමන් පැමිණෙන්නේ තම පක්ෂයේ එකඟතාවක් නොමැතිව ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් දෙදෙනාට ලබා දී ඇති ඇමතිධූර දෙකෙන් ඔවුන් ඉවත් කරන්නේ නම් පමණක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.

හෙට (29) මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට  ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරමින් සිටියි. එසේ වුව ද ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන මන්ත්‍රීවරු දෙදෙනා පසුගිය දා අමාත්‍යධූර බාර ගත්හ.

වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් හෙට (29) එම රැස්වීම කැඳවා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!