31.6 C
Galle

කතකට අසභ්‍ය දර්ශන යවා අයුතු යෝජනා කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

Published:

විවාහක කතකට අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ යවමින් ඇයට අයුතු යෝජනා කළ වේයන්ගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වේයන්ගොඩ නගරය ආසන්නයේ පදිංචි විවාහක කාන්තාවකගේ ජංගම දුරකථනයට ව්‍යාපාරිකයා මෙලෙස අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ එවමින් අයුතු යෝජනා කරන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ..

වේයන්ගොඩ ‍‍පොලිසිය පවසන්නේ සැකකරු අධිිකරණයට ඉදිරිපත් කරන බවයි.  

Related articles

spot_img
error: Content is protected !!