26.9 C
Galle

“ආණ්ඩුවක් හදන්න සජිත් එන්නේ නැත්නම් අපි ආණ්ඩුවක් හදනවා” – ස්වාධීන කණ්ඩායම

Published:

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වීමෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය ඉදිරිපත් නොවන්නේ නම් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම තමන් බාරගන්නා බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීකණ්ඩායම පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේ අද (07) පැවැති රැස්වීමේ දී ඒ ගැන දීර්ඝව සාකච්ඡා කර ඇත.

පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වේ.

නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර ,ලසන්ත අලගියවන්න ,දුමින්ද දිසානායක,උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ ජයන්ත සමරවීර , ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ,ආචාර්ය විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Related articles

spot_img
error: Content is protected !!