26.9 C
Galle

හම්බන්තොට “ලංවා සිමෙන්ති” කම්හලේ ගින්නක්

Published:

හම්බන්තොට පිහිටි “ලංවා සිමෙන්ති” කම්හලේ අද (07) සවස ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ගිනි නිවීමේ රථ දෙකක් පැමිණ ගින්න පාලනය කර ඇත. අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙම විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි. නමුත් වගකිව යුතු අංශ කිසිවක් ඒ ගැන සඳහන් කර නැති අතර මාධ්‍යවේදීන්ට හෝ ඒ දෙසට යාමට ඉඩ නොදෙන බව අප වාර්තාකරුවෝ පවසති.

ඕනෑම ගින්නක් හටගන්නා අවස්ථාවක දී ජනතාව ගින්න නිවීම සඳහා ඉදිරිපත් වීම දක්නට ලැබුණ ද මේ ගින්න තවදුරටත් පැතිර යා යුතුයැයි ශාප කරමින් ජනතාව ඒ දෙස බලා සිටින බව එහි සිටින අප වාර්තාකරුවෝ කීහ.

Related articles

spot_img
error: Content is protected !!