26.8 C
Galle

අගමැතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය, ජනපතිට යවයි. නිල ප්‍රකාශය හෙට

Published:

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ බව අග්‍රාමාත්‍ය නිල මැදුරේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අද (08) උදෑසන අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන කිහිපයක් වන්දනා කර කොළඹ පැමිණීමෙන් පසු මෙම ලිපිය යොමුකර ඇත.

සිකුරාදා (06) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට ධූරයෙන් ඉවත්වන ලෙසට දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් හෙට දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විශාල පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්නොවන ලෙස බලකිරීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණීමට නියමිතය. එය පක්ෂ අභ්‍යන්තරයෙන් සිදුකරන ලද සංවිධානයකි.

හෙට එම පිරිස පැමිණි අවස්ථාවේ දී අගමැතිවරයා තම ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කරන බව ද දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!