27.6 C
Galle

නයිජීරියාවෙන් ආ යානය කටුනායකට ගොඩබායි. ආපසු යන වේලාවක් නෑ

Published:

අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාවේ, ලාගෝස් ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී ශ්‍රී ලංකාව දෙසට පියාසර කරමින් තිබූ BSC 4024 දරණ යානය අද (10) අලුයම 3.40 කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාන ලදී.

නයිජීරියාවේ සිට සෘජුව ශ්‍රී ලංකාව දෙසට පියාසර කළ මේ යානය සම්බන්ධයෙන් දත්ත අතරමග දී නොපෙනී ගිය අතර ඉන් පසු එහි දත්ත තොරතුරු නිරීක්ෂණය කළ හැකි අවස්ථාව වනවිට යානය ඉන්දියාව ආසන්නයෙන් ශ්‍රී ලංකාව දෙසට පියාසර කරමින් තිබිණි. දත්ත නොපෙනී ගිය කාලය අතරතුර යානයේ ගමන් මග වෙනස්වීම ඊට හේතුවන්නට ඇත.

මෙම ගුවන් යානය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යානයක් නොවේ. එසේ වුව ද පැමිණීමට පෙර එය කාල සැළසුමකට යොමුකර තිබිණි. ඒ අනුව යානය යළි පිටත්වන වේලාවක් දැක්විය යුතු වුව ද එම යානය සම්බන්ධයෙන් එවැනි තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත.

යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබෑමෙන් පසු එහි ප්‍රතිග්‍රාහක පද්ධතිය ක්‍රියාවිරහිත කර ඇති බැවින් එමගින් දත්ත නිකුත්වීමක් ද සිදුවන්නේ නැත.

Related articles

spot_img
error: Content is protected !!