29.4 C
Galle

“ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ හිටපු අගමැති අත්අඩංගුවට ගන්න” – නීතිඥවරු ඉල්ලති

Published:

රට පුරා ම ප්‍රචණ්ඩත්වයක් ඇතිකළ සිදුවීම සැළසුම් කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (10) උදෑසන මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මේ බව කියා සිටියේය.

නීතිඥවරු පවසන්නේ ඊයේ මයිනාගෝ ගමට සහ ගෝඨාගෝ ගමට ප්‍රහාර එල්ලකරන තුරු පොලිසිය බලා සිටි බවයි. එම ප්‍රහාරය සැළසුම් කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ බවත්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් එම ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවත් නීතිඥ වන්නිනායක සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!