28.7 C
Galle

වෙනස්ම වු කම්කරු දින සැමරුමක් ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයෙන්

Published:

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබු ඊයේ (01) බොහෝ වෘත්තීය සමිති හා දේශපාලන ව්‍යාපාර කම්කරු දින සැමරූහ. ඒ අතර සුව්ශේෂී ආකාරයේ කම්කරු දින සැමරුමක් ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය සිදුකරන ලදි. ඒ කම්කරු දිනයේදිත් රාජකාරි ඉටුකරමින් සිටි කම්කරුවන් සඳහා මල් මාලා පලදවමින් කැවුම්, කිරිබත් ලබාදෙමින් ඔවුන්ට ආචාර කරමින් අත්පත්‍රිකා බෙදමින්  කම්කරු දිනය සැමරීමයි. එහිදි නගරවල කසල ඉවත්කරන සනීපාරක්ෂක කම්කරුවන්ටත්, සපත්තු මහන්නන්ටත් එලෙස ආධාර කිරිම ගාල්ල නගරයේදි ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ සංවිධානයෙන් සිදුවිය. මේ අවස්ථාවට  එම සන්ධානයේ  ලේකම් දර්ශන තන්ත්‍රීගේ, රවීන්ද්‍ර ජාගොඩ හා ජිනේෂ් නානායක්කාර ඇතුළු නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!