29.4 C
Galle

ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමේ දකුණේ නියෝජිතයාග‍ේ සැප රථය විනාශයි

Published:

ඔන්මැක්ස් ඩී.ටී. නමැති වංචාකාර පිරමීඩ ජවාරමේ දකුණු පළාත් නියෝජිතයකු ලෙස කටයුතු කළ පින්තාරුවකුගේ නිවසේ නවතා තිබූ අති සුඛෝපභෝගී බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි ඔහු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිල්ල කර ඇත්තේ ප්‍රගීත් සංජීව දසනායක නමැති 39 හැවිරිදි පුද්ගල‍යෙකි. ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ රුපියල් මිලියන 28කට එම රථය ත බිරිඳගේ නමට මිල දී ගෙන තිබූ බවයි.

එම රථය රන්න, වීරෝධාර මාවතේ පිහිටි සිය නිවසේ නවතා තිබිය දී රාත්‍රී 10.30ට පමණ කිසියම් පිරිසක් පැමිණ ඊට ගිනි තැබූ බව ද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!