29.9 C
Galle

ජලය යැයි සිතා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට

Published:

ජලය යැයි සිතා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රසායනික ද්‍රව්‍ය පානය කළ තුන් හැවිරිදි දැරියක් මියගිය ශෝකජනක පුවතක් ගම්පොළ, පුපුරැස්ස ඩෙල්ටාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව, චෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි දිනේෂ්කාරම් හයනිකා නමැති දැරියයි. ඇය සිය පවුලේ එකම දරුවා බව සඳහන් වේ.

මව සහ පියා සමඟ ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.

පවුලේ සාමාජිකයන් නිවසින් පිටත සිටින අතරතුර රාත්‍රී 8.00ට පමණ නිවස තුළට පැමිණි දැරිය ජනේල පඩිය මත තිබූ බෝතලයක ඇති දියරය ජලය යැයි සිතා දැරිය පානය කර ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් අනතුරුව දැරිය රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබුණද, ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකිව ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මරණයට අදාළ මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලයට සමාන පැහැයක් ඇති රසායනික ද්‍රව්‍යයක් බැවින් නිසි ලෙස ලේබල් නොකර හෝ දරුවන්ට ළඟාවිය හැකි ස්ථානවල ගබඩා කිරීමෙන් බරපතළ අනතුරු ඇතිවිය හැක.

මෙම සිද්ධිය රසායනික ද්‍රව්‍ය දරුවන්ට පහසුවෙන් ළඟාවිය නොහැකි ස්ථානවල, පැහැදිලි ලේබල් සහිතව ගබඩා කිරීමේ වැදගත්කම පිළිබඳවද දැඩි අවධානයක් යොමු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!