29.6 C
Galle

ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published:

අද (22) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 127ක වැඩිම පිරිවැටුම වාර්තා කිරීමට ජෝන් කීල්ස් සමාගම සමත් විය.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 15,631ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1101ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 19,717ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම මිලියන 157
  • සම්පත් බැංකුව මිලියන 130
  • සන්ෂයින් හෝල්ඩිංස් මිලියන 102

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 13
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 08
  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කර්නර් හෝස් සමාගම 33%
  • කැන්ඩි හොටෙල් සමාගම 07%
  • සිට්‍රස් වස්කඩුව සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 390
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 336
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 323

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 90 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 51ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 39ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 62
  • මස්කෙලිය වැවිලි සමාගම රුපියල් මිලියන 10
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ලංකා අයි ඕ සී රුපියල් මිලියන 12
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 11
  • ලංකා ලුබ්රිකන්ට් රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!