ගුවන් පුහුණු ආයතනයකට අයත් Cessna 152 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අද (25) රත්මලාන ගුවන් තොටුපොළට ගොඩබෑමේදී අනතුරකට ලක්ව තිබේ.
4R-DRA ලියාපදිංචි අංකය සහිත මෙම යානය රත්මලාන ගුවන්තොටුපල කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යන ගුවන් පුහුණු සමාගමකට අයත් එකකි.
කෙසේ වෙතත්, ගුවන් යානයට සිදුව ඇති හානියේ ප්‍රමාණය හෝ එහි ගමන් කළ පුද්ගලයන්ට තුවාල සිදුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තොරතුරු අනාවරණය වී නොමැත.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර, සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක්ද සිදුකිරීමට නියමිතය.



