33.3 C
Galle

කළුතර වෙරළට පාවී ආ මළ සිරුරු අතුරුදන් මවගේ සහ දියණියගේ දැයි සොයා පරීක්ෂණ

Published:

කළුතර වෙරළ තීරයට ඊයේ (27) රාත්‍රියේ ගොඩගැසූ බිළිඳියගේ මළ සිරුර සහ අද (28) උදෑසන ගොඩගැසූ කාන්තාවගේ සිරුර හල්කඳවිල ප්‍රදේශයේ අතුරුදන්ව සිටින මවගේ සහ දියණියගේ ද යන්න සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රී කළුතර වෙරළට ගොඩගසා තිබුණේ වයස අවුරුදු 03ක් පමණ වූ දැරියකගේ මළ සිරරකි. එම සිරුර උතුරු කළුතර නාගස්හන්දිය ප්‍රදේශයට ගොඩගසා තිබිණි උඩුකයෙහි රෝස පැහැති ඇඳුමක් තිබිණි

කළුතර උතුරු වෙරළ ආසන්නයේ අද උදෑසන පාවෙමින් තිබූ කාන්තාවකගේ මළ සිරුර ප්‍රදේශවාසීන් සහ පොලිසිය විසින් ගොඩට ගෙන තිබිණි. එම සිරුර නිරුවත්ව තිබූ බවත් අනන්‍යතාව හඳුනාගැනීමට ‍විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිසිය සඳහන් කළේය.

එම සිරුර පාවෙමින් තිබුණේ ද බිළිඳු සිරුර ගොඩගැසූ ආසන්න ප්‍රදේශයේය.

මේ අතර හල්කඳවිල ප්‍රදේශයෙ මවක් සහ දියණියක් අතුරුදන්ව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බැවින් මේ සිරුරු දෙක අතුරුදන්ව සිටින ඔවුන්ගේ දැයි සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

හල්කඳවිල ප්‍රදේශයේ මවක සහ දියණියක අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .

Related articles

Recent articles

error: Content is protected !!