27.3 C
Galle

ශ්‍රී ලංකාවේ හැදූ එන්නත්, හනම් නොකිරීමට හේතු අධිකරණය විමසයි

Published:

ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග 08ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය අවලංගු කන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ තේසමකට අදාල විරෝධතා ඔක්තෝබර් මස 02 වැනි දා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එක්සත් මානව හිමිකම් සංවිධානය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

මෛ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් ඇතුළු පිරිසකට මෙම නියෝගය කර ඇත.

පෙත්සම්කරුවන් පවසන්නේ අදාළ පෞද්ගලික දේශීය සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නිර්වින්දන එන්නත්, මොළය ආශ්‍රිත රෝග ඇතුළු රෝග සඳහා භාවිත කරනු ලබන එන්නත් වර්ග 08ක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති බවය.

එම අධිකාරියේ රෙගුලාසිවලට අනුව යම් ඖෂධයකට අනුමැතිය සහ ලියාපදිංචිය ලබාදීමට පෙර එය මාස 06ක් “සුපරීක්ෂණ කාලයකට” යටත් කළ යුතු වුව ද මේ සඳහා අනුමැතිය ලබාදීමේ දී නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වාදෙයි.

Related articles

spot_img
error: Content is protected !!