අද (24) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ පිරිවැටුම රුපියල් මිලියන 16851ක් ලෙස වාර්තාගත අගයකට ලඟා විය. අද දිනයේ ගනුදෙනු අතරින් වැඩිම පිරිවැටුමක් ලෙස රුපියල් මිලියන 11585ක ප්‍රමාණයක් සීටී හෝල්ඩිංස් සමාගම විසින් වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,362ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 16851ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 71ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,344ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සීසී හෝල්ඩිංස් සමාගම මිලියන 11585
- කාර්ගිල්ස් සමාගම මිලියන 4200
- සන්ෂයින් හෝල්ඩිංස් සමාගම මිලියන 178
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සීටී හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 20
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 07
- සන්ෂයින් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සීටී හෝල්ඩිංස් සමාගම 04%
- එක්ස්ටර්මිනේටර් සමාගම 04%
- ඊ චැනලින් සමාගම 03%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 433
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 353
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 52 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 962ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 910ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- සතොස මෝටර්ස් සමාගම රුපියල් මිලියන 04
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 03
- යූනියන් ඇෂුවරන්ස් රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සීටී හෝල්ඩිංස් රුපියල් මිලියන 833
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 23
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 16
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



