31.6 C
Galle

විදුලි බිල ඉහළට ?

Published:

තවත් දින කිහිපයකින් විදුලි ගාස්තු වැඩි කිරීමට රජයේ අනුමැතිය හිමිවනු ඇතැයි වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය විසින් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවීමට නියමිත බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ නවිට මහජන උපයෝගීතා පනත අනුව විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් දැනගැනීම සඳහා දින 21ක කාලයක් ලබා දී ඇත. ඒ අනුව විදුලි බිල වැඩිකිරීමට අනුමැතිය ලබාදුන් දිනයේ සිට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනු ඇත.

මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගෙන් වාචික අදහස් ගැනීම මේ මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඉන් පසු  අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳ අවසන් තීරණය ගනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!