30.5 C
Galle

පාසල් සිසුවකු, සැඩ පහරේ ගසාගෙන යයි

Published:

ගලහ, දෙල්තොට ප්‍රදේශයේ පාසල් සිසුවකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙල්තොට, ලිට්ල්වැලි නිවාසවල පදිංචිව සිටි, මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙකි.

අද (11) පාසල අවසන් වී, පාසලේ ම පැවැති අමතර පන්තියකට ද සහභාගී වී සවස සිය නිවස වෙත යමින් සිටිය දී ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇත.

පොලිසිය පවසන්නේ ඇළ මාර්ගයකින් ‍එගොඩ මෙගොඩ යාම සඳහා සකසා තිබූ කුඩා පාලමක් මතින් ගමන් කිරීමේ දී  ඔහු අනතුරට ලක්ව ඇති බවයි.

ගලහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට දරුවා සෙවීමේ කටයුතු සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!