26.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 8,682ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 558ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 26ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,898ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 117
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 31
  • පීමා සමාගම රුපියල් මිලියන 24

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 3.7
  • කැපිටල් එලයන්ස් සමාගම කොටස් මිලියන 1.7
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 1.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 50%
  • සීටීඑච්ආර් සමාගම 10%
  • මුලර්ස් සමාගම 10%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 270
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 254
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 184

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 18 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 10ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 9.7
  • ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 7.5

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 3.5
  • කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 1.1

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!