27.8 C
Galle

Youtube උමතුවෙන් දියණිය බේරාගැනීමට, බිරිඳ සැමියා ඝාතනය කරයි

Published:

මෑතක දී ආරම්භ කළ යූ‍ටියුබ් නාලිකාවක් ජනප්‍රිය කරගැනීම සඳහා තම 14 හැවිරිදි දියණිය නිරුවත් කරන ආකාරය දැක්වෙන දර්ශන ලබාගැනීමට උත්සාහ ගත් පියකු ඔහුගේ බිරිඳ අතින් ඝාතනයට ලක්ව ඇතැයි වැල්ලව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (03) රාත්‍රී බිරිඳ සහ පුතු නිවසින් එළියට දමා සිය එකම දියණිය නිරුවත් කරමින් දර්ශන ලබාගැනීමට ඔහු උත්සාහ ගෙන ඇත. එම අවස්ථාවේ දී තම දෙමාපියන්ගේ නිවසින් කඩුවක් රැගෙන දොර හැර ඇතුළු වූ බිරිඳ දියණිය බේරාගැනීම සඳහා සිය සැමියාට එම කඩුවෙන් පහර දී ඇත.

පොලිසිය පවසන්නේ පහරකෑමට ලක් වූ සැමියා එම ස්ථානයේ ම මියගොස් සිටි බවයි. සැකකාර බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!