31.6 C
Galle

වැට් බද්ද සම්මත වෙයි. මන්ත්‍රීවරු 70ක් මඟහරිති

Published:

වැට් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 57කින් සහ තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් ද අද (11) පාර්ලිමේන්තුවේ දී සභා සම්මත විය.

දෙවැනිවර කියවීමේ දී පනතට පක්ෂව ඡන්ද 98ක් සහ විරුද්ධව ඡන්ද 41ක් ලැබිණි. තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 100ක් සහ විරුද්ධව ඡන්ද 55ක් ලැබිණි. ඒ අනුව මෙම පනත සම්බන්ධ ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරු 70 දෙනකු තම මතය ප්‍රකාශ කර නොතිබීම ද විශේෂත්වයකි.

2002 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් එකතු කළ අගය මත බදු පැනවීම හෙවත් වැට් බද්ද 15% සිට මෙවර 18% දක්වා වැඩිකරනු ලබන අතර මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ ඇතැම් භාණ්ඩ සඳහා ද වැට් බදු පැනවීමක් සිදුවෙයි.

Related articles

Recent articles

error: Content is protected !!