31.6 C
Galle

රජයේ සේවකයෝ හෙට ලෙඩවෙති

Published:

රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ නිරත සේවකයෝ හෙට (12) දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ඔවුන් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ තීරණයකට එළැඹ ඇත.

රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000.00ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින්  මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇත. ඔවුන් පවසන්නේ තම ඉල්ලීමට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් අසනීප නිවාඩු වර්තාකිරීම එක් දිනකට පමණක් සීමා නොකරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!