31.6 C
Galle

අධිවේගී මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුම දෙපස ජලය පිරී තිබීම හේතුවෙන් කුඩා වාහන එම ස්ථානයෙන් පිටකිරීමට හෝ ඇතුළු කිරීමට නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කොක්මාදුව පිවිසුමේ සිට වැලිගම දෙසට අඩි 1.5ක් පමණ ජලය ඇති බවත් කනංකේ දෙසට අඩි 4ක් පමණ ජලය ඇති බවත් වාර්තා වේ.

කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුවද මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවද පිටවීම සඳහා භාවිතා කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

Related articles

Recent articles

error: Content is protected !!