30.5 C
Galle

ගාල්ල බන්ධනාගාරයටත් මොළේ උණ ?

Published:

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (03) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ එන්.ජී.සී.අයි.සඳරුවන් නමැති 28 හැවිරිදි තරුණයෙකි. උණ රෝගය හේතුවෙන් ඔහු සමඟ ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් සිව් දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් මියගිය අසාධ්‍ය තත්වයෙන් පසු වූ මොහු අද මියගිය බවත් වෛද්‍යවරු කියති.

ඔහුගේ මරණයට හේතුව මෙනින්ජයටිස් රෝගය බවට සැකයක් පවතින අතර, හෙට (04) මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව ස්ථිරව ම තීරණය කළ හැකිවනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!