26.9 C
Galle

කොවිඩ් සමයේ මුස්ලිම් දේහ ආදාහනයට නිර්දේශ කළේ කවුද?

Published:

‍කොවිඩ් කාළසීමාව තුළ මියගිය මුස්ලිම් සහ අනෙකුත් ආගමික කණ්ඩායම් වල පුද්ගලයින්ගේ දේහ ආදාහනය කිරීමට නිර්දේශ කළ අයගේ වගවීම පිළිබඳව සොයා බැලීම සඳහා අනෙකුත් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් (PSC) පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සංවිධානය සමඟ පැවැති සාකච්ඡාවකදී කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. කොළඹ මාලිගාවත්තේ පිහිටි එම සංවිධානයේ මූලස්ථානය වෙත ගිය ඔහු එහි සභාපති හමුවී මවුලවිවරුන් සහ විධායක මණ්ඩලය සමඟ සාකච්ඡාවල නිරත විය.

Related articles

spot_img
error: Content is protected !!