27 C
Galle

පුතා ඝාතනයට සැකපිට පියා අත්අඩංගුවට

Published:

‍දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදි ඊයේ(29) පෙරවරුවේ ඝාතනයට ලක්ව තිබී සොයාගත් 24 හැවිරිදි තරුණයාගේ මරණයට සැකපිට ඔහුගේ පියා අත්අඬංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ තියුනු ආයුධයකින් කපා කොටා මෙම ඝාතනය සිදුකර ඇති බවයි. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී කරුණු හෙළිවී තිබේ. ඝාතනයට ලක්වූ තරුණයාගේ බිරිඳට ද සැකකරු විසින් තියුණු ආයුධයෙන් තුවාල සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නුනේ.

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related articles

spot_img
error: Content is protected !!