26.9 C
Galle

රාජසන්තක කළ දුම්වැටි ලක්ෂ තිහක් විනාශ කරයි

Published:

කටුනායක ගුවන්තොටුපලේදී මෙම වසරේ මුල් මාස හයේ සිදුකළ වැටලීම් වලින් අත්අඩංගුවට ගත් රුපියල් හත්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් අද(02) විනාශ කරනු ලැබීය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දුම්කොළ සමාගම විසින් මෙම දුම්වැටි තොගය විනාශ කරනු ලැබීය. රේගු බලධාරීන් පවසන්නේ එහි දුම්වැටි ලක්ෂ තිහකට අධික ප්‍රමාණයක් තිබූ බවයි.‍

මේවා බොහෝවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය, සහ චීනය වැනි රටවල සිට ආනයනය කර තිබේ. මෙම දුම්වැටි නීති විරෝධීව ගෙන ඒමෙන් වංචා කිරීමට බලාපොරොත්තු වූ බදු මුදල රුපියල් කොටි 48ක් පමණ බව සඳහන් වේ.

පාරිසරික ආරක්ෂාව සම්බන්ද නීති රීති වලට අනුකූලව දැඩි රෙගුලාසි යටතේ දුම්වැටි තොගය විනාශ කිරීමට පියවර ගෙන තිබිණ.

Related articles

spot_img
error: Content is protected !!