27 C
Galle

නමවැනි විධායක ජනපති තේරීමේ ඡන්දය අවසන්

Published:

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණය ඡන්ද ප්‍රකාශ කිරීම පස්වරු 4.00ට අවසන් වීමට නියමිතය. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඡන්ද දායකයින්ට හිමිවිය.

අපේක්ෂකයින් 38 දෙනෙකු තරඟ වදින මෙම මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් 17,140,354 දෙනෙකු සුදුසුකම් ලබා තිබිණ.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට අනුව පස්වරු 2 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙසේය.

කුරුණෑගල – 65%, කෑගල්ල – 65%, ගම්පහ – 62%, ගාල්ල – 61%, පුත්තලම – 57%, නුවරඑළිය – 70%, මාතර – 64%, රත්නපුර – 60%, කොළඹ – 60%, කළුතර – 60%, මන්නාරම – 60%, බදුල්ල – 56%, ත්‍රිකුණාමලය – 54%, මොනරාගල – 65%, හම්බන්තොට – 60%, වන්නි – 58%, යාපනය – 49%, අම්පාර – 60%, අනුරාධපුර – 70%, මුලතිව් – 57%, කිලිනොච්චිය – 56%, මහනුවර – 65%

සුළු සිදුවීම් කිහිපයක් හැරුණු විට දිවයින පුරා මැතිවරණය සාමකාමීව පැවැත්වුණු බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!