27.3 C
Galle

වෛද්‍යවරයෙකුට මාධ්‍ය බාරදෙයි

Published:

ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික ජනාධිපති අනුර දිසානායක විසින් පත් කර තිබේ.

වෛද්‍ය නජිත් හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තේය.

පසුගිය වසර පහ තුළ ඔහු විවිධ රජයේ රෝහල්වල වෛද්‍යවරයකු සහ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර ඇත.

ඔහු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු ද වෙයි.

Related articles

spot_img
error: Content is protected !!