27.3 C
Galle

මන්ත්‍රීන්ගේ වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප් ගැන තීරණය කමිටුවකින්

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ඊයේ (30) කැබිනට්මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේ දී එම කමිටුව පත්කරඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මීට පෙර වසර 05කට වරක් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කෙරිණි.  

Related articles

spot_img
error: Content is protected !!