27.9 C
Galle

රජයේ ආයතනවල සභාපතිවරුන්ට ඉල්ලා අස්වන්න යැයි නියෝගයක්

Published:

මෙතෙක්සභා ඉවත් වී නැති රජයේ සංස්ථාපිත මණ්ඩල, අධිකාරී සහ ව්‍යවස්ථාපිත ආයතවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට වහාම ඉල්ලා අස්වන ලෙස රජය දැනුම් දී තිබේ.

නව ආණ්ඩුවක් බලයට පත් වූ පසු පැවති ආණ්ඩුවේ පාලකයන් විසින් පත්කරන ලද එවැනි සභාපතිවරු සහ අධ්‍යක්ෂවරුන්ගේ තනතුරු අහෝසි වුව ද ඇතැම් පුද්ගලයන් තවමත් තමන් සේවය කළ ආයතනවල කටයුතු කරන බැවින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

එම ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට ඉවත්වන ලෙස සහ එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව නවතා දමන ලෙසත් දැනුම් දී ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී විසිනි.

සභාපතිවරුන් ඉල්ලා අස්වූ ආයතන කිහිපයකට දැනටමත් සභාපතිවරු පත්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!