27.9 C
Galle

දේශපාලන පක්ෂ 05කට මැතිවරණය තහනම්

Published:

මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 05කට මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මෙම පක්ෂවල ලේකම්වරුන්ගේ ගැටලු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඇතැම් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් දෙතුන් දෙනකු සිටින බව අනාවරණය වී ඇති බවත් එම නියෝජිතයන් කැඳවා සාකච්ඡා කළ නමුත් ගැටලුව නිරාකරණ්‍ය කරගැනීමට ඔවුන් එකඟත්වයකට නොපැමිණීම හේතුවෙන් කොමිසම මෙම තීරණය ගෙන තිබේ.

කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක පවසන්නේ අධිකරණය මගින් හෝ මෙම ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස එම පක්ෂ පහේම නියෝජිතයන්ට දැනුම් දුන් බවයි.

Related articles

spot_img
error: Content is protected !!