27.9 C
Galle

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයෝ ඉවත්වෙති

Published:

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ ඊයේ (14) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සිය ධුරවලින් ඉල්ලා අස්වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට මෙලෙස ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ උප සභාපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට ලිඛිතව දැනුම් දී තිබේ.

එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ද සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.

2020 වර්ෂයේ දී පත්කෙරුණු වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!