30.5 C
Galle

මාස 10දී, රියදුරු බලපත්‍ර 3,000ක් අවලංගු කරලා

Published:

වසරේ ගත වූ මාස 10ක කාලයේ දී රියදුරු බලපත්‍ර 3,249ක් අධිකරණ මගින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ රියදුරන් විසින් සිදුකර ඇති විවිධ වැරදි සඳහා පැවැත් වූ අධිකරණ නඩුවල දී මෙලෙස බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

‍රිය අනතුරු සඳහා අපරික්ෂාකාරී රිය ධාවනය මෙන් ම වාහන නිසි ප්‍රමිතියකින් තොරවීම ද බලපාන බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් පවසයි. .

මෙරට මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩුද රිය අනතුරු බහුලවීමට බලපා ඇති බව මහාචාර්යා පෙන්වාදුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!