30.5 C
Galle

ඇල්පිටිය සභාවේ, සභාපති සහ උප සභාපති නම්කරයි

Published:

පසුගිය දා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු එම සභාවේ සභාපතිවරයාගේ සහ උපප සභාපතිවරයාගේ නම් ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව සභාපතිවරයා ලෙස කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා ද, උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන ද නම්කර ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා භාරදී තිබුණි.

ඉන් සමස්ත ඡන්ද 17,295ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධුර 15ක් හිමිවිය.

ඊට අමතරව දෙවැනි ස්ථානයට පත් වූ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක්, තෙවැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3ක්ද ඇතුළුව තවත් පක්ෂ කණ්ඩායම් කිහිපයකට මන්ත්‍රීධූර 06ක් ද ලැබිණි. මේ අනුව සභාවේ පාලක ජාතික ජන බලවේගයට ආසන 15ක් සහ අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්වලට ආසන 15ක් ලෙස බෙදී ගොස් තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!